
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර නගරයේදී එකිනෙක ගැටීමෙන් අද (19) රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර රථ දෙකට සුළු හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වී නැවත කොළඹ බලා එමින් සිටියදී රාත්‍රී 9.20 ට පමණ මහරගම නගර මධ්‍යයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි
එම අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පසුව පසින් ගමන්ගත් රථ පෙළ හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් එකවරම හැරවීමට යාමේදී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීම සඳහා ගමන් ගත් ජිප් රථයක් තිරිංග තද කරනවාත් සමඟම පිටුපසින් පැමිණි ජිප් රථය ඉදිරියෙන් ගමන් ගත් ජීප් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද පොලිසිය පවසයි.
ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජීප් රථ දෙක සහ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

