ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය සංගා - මහේල - ඩිල්ෂාන් - මැතිව්ස් - තිසර පෙරමුණේ
‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන 2012’ ප‍්‍රදානයේ වසරේ ජනප‍්‍රිය ක‍්‍රීඩකයා සම්මානය සඳහා ක‍්‍රීඩකයෝ පස් දෙනෙක් තියුණු තරගයක නිරතව සිටිති. හිටපු නායක කුමාර් සංගක්කාර, නායක මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා එම ක‍්‍රීඩකයෝ වෙති.
පාඨක කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) අනුව වසරේ ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා තෝරා ගනු ලබන අතර ඉකුත් 27 වැනිදා වන විට කෙටි පණිවුඩ සහ අන්තර්ජාලය ඔස්සේ ලැබී තිබු මනාප සංඛ්‍යාව මෙම ක‍්‍රීඩකයන් පස් දෙනා ඉදිරියෙන් සිටින බව සංවිධායක කමිටුව ප‍්‍රකාශ කරයි.
ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන් 60 දෙනකු අතරින් ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීම අවස්ථාව හෙට (1) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වන අතර ජනතාවට කෙටි පණිවුඩ හා අන්තර්ජාලය ඔස්සේ මනාප යොමු කළ හැකිය.
සියැට් (ceat) හිස් තැනක් තබා කී‍්‍රඩකයාගේ නම සඳහන් කර ඕනෑම දුරකතන ජාලයකින් 6797 අංකයට යොමු කිරීමෙන් තමන් ප‍්‍රිය කරන කී‍්‍රඩකයාට මනාපය පළ කළ හැකිවේ. අන්තර්ජාලය ඔස්සේ www.ceatsrilankacricketawards.com යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද මනාප පළ කිරීමේ අවස්ථාව කී‍්‍රඩා ලෝලීන්ට හිමිව තිබේ.
(www.facebook.com/ceatsrilankacricketawards) යන වෙබ් අඩවියෙන්ද මනාප ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද මෙවර හිමිව තිබේ.
2010 සහ පසුගිය වසරේ ජනතාවගේ කී‍්‍රඩකයා ලෙස කුමාර් සංගක්කාර සම්මාන ලැබීය. මෙවර සම්මාන ප‍්‍රදානෝත්සවය මේ මස 5 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වීමට නියමිතය.

