ජනප්‍රිය නළු ටොම් හෑන්ක්ස් සහ බිරිඳටත් කොරෝනා


ඔස්කාර් සම්මානලාභී නළුවකු වන ටොම් හෑන්ක්ස් හා ඔහුගේ බිරිඳ වන රීටා විල්සන් මහත්මියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

හෑන්ක්ස් සහ විල්සන් දෙපළ 63 හැවිරිදි වියේ පසුවෙති. මේ වන විට ඔවුන් දෙපළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටී.

මොවුන් දෙපළ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් හුදකලාව වාසය කරති.