ජනප්‍රිය ගායක නුවන් සහ ඔහුගේ පුත් ගයාන්ට කොරෝනා


(ඩයනා උදයංගනී)

ජනප්‍රිය ගායක දෙපලක් වන නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධනටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

නව පරපුරේ ගායන ශිල්පියකු හා රංගන ශිල්පියකු ද වන ගයාන් ගුණවර්ධන සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ තමාට, තම පියා වන නුවන් ගුණවර්ධනට මෙන්ම තම මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

පවුලේ සියලුදෙනා සිදුකල පී.සී.ආර් පරීක්ෂවලදී ඒ බව දැනගත්තේ යැයිද ඔහු පවසයි. නුවන් ගුණවර්ධන මහතා රෝහල් ගත වී ප්‍රතිකාර ලබන තමා හා මව ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.