( සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා (28) නේපාල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.
බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව අරමුණු කර ගත් සිව් වැනි බ්ම ටෙක්ස් සමුළුව සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව යනු ලබයි.
ජනාධිපතිවරයි නේපාල අගමැතිවරයා සහ ජනාධිපතිවරිය හමුවීමටද නියමිත අතර අනතුරුව ලුම්බිණි නුවර නැරඹීමේ සංචාරයකටද සුදානම්ය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ලබන මස මුල් සතියේදී ඉන්දියවේ සංචාරයක නිරත වීමට නියමිතය. ඔහු සැප්තැම්බර් 11 වැනිදා සිට දින තුනක් ඉන්දියාවේ රැදී සිටිනු ඇත. එරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු වන ආචාර්ය සුබ්‍රමනීයම් ස්වාමී මහතාගේ ආරධනයක් සමත හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයේ නිරත වේ.
ජනපතිගේ නේපාල සංචාරය 28- හිටපු ජනපතිත් ඉන්දියා සංචාරයක
Recommended Articles