ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්


ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිගේ ප්‍රධානත්වයෙන් කථානායකට බාර දුන්  වාර්තාව ගැන තවදුරටත් සොයා බැලීමට ස්වාධීන  කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන  බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ රස්වීමකදී ප්‍රකාශ කෙළේය. තමාට පැවැරී ඇති බලතල යටතේ තමා ක්‍රියාත්මක වී මට පෙර එම පියවර ගන්නා බවත් මා උත්තර දී ය යුත්තේ මගේ හදවතට පමණයි. එය නිවැරදි විය යුතුයි. එයින් මම සෑහීමකට පත් විය යුතුයි.  මා කරන කාරිය හරියාකාරව කළ බවට මා සැහීමකට පත් විය යුතුයි. මා මේ පියවර  ගන්නේ මගේම ඕනෑ කමටයි. මා එසේ කළ යුතු යැයි පොතක පත ක හෝ නීතියක සඳහන් වී නැහැ‘‘.කොළඹ මලලසේකර මාවතේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ බහු මහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් ජනපති එසේ කීවේය.