ජනපතිගෙන් ඇමතිවරුන්ට නියෝගයක්


 

ලබන ජනවාරී මස සිට සියලූම ඇමතිවරුන් සෑම දිස්ත්‍රික්කයකම  පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විම් සදහා සහභාගී විය යුතු බවත් තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
 
ජනපති මේ බව සදහන් කළේ ජාතික ආර්ථීක සභාව දෙවන වරටත් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති ඇතුළු රාජ්‍ය නිළධාරිහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.