ජනපති විජයදාස රාජපක්ෂ නිවසට යයි


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ගෙට වෙඩි පහර එල්ල කළ බව කියන සිද්ධිය සැල වූ වහාම මහින්ද රාජපක්ෂ ජනපති, ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ ඇමති සුසිල් ප්‍රේමජයන්ත් එහි ගොස් රාජපක්ෂ හමුවී මිනිත්තු තිහක් පමණ නිවසේ ගත කළහ. පරීක්ෂණ කඩිනම් කරන ලෙස පොලිස්පතියට නියෝග කළේය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහත්වරුද එහි ගියහ.