(ඩයනා උදයංගනී)
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කර සිටින රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසමේ අදාළ නිර්දේශ ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (27) එම කොමිසමට දැනුම් දුන්නේය.
ඒ තුළින් ඉදිරි අය වැය යෝජනා සම්පාදනයේදී මගපෙන්වීමක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පෙරවරුවේ ප‍්‍රථම වරට රැස් විය.
කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර සාමාජිකයින්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම පිළිබඳ කාරණය ඉතා දිගුකාලීන ගැටලූවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා විධිමත් ක‍්‍රමවේදයක් හරහා එම ගැටලූව විසදීමට සුදුසු නිර්දේශයන් නව කොමිසම මගින් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශි‍්‍රත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එම ගැටලූ හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 14 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹී තීරණයකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත්කරනු ලැබිණි.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් කොමිසමේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා කටයුතු කරන අතර කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලූරේ, සී.පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණී එස්. විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශපි‍්‍රය, බී.පී.පී.එස්. අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඞී. ජයකොඩි, එම්.සී. වික‍්‍රමසේකර යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

