ජනපති ලේකම්ගේ නිවේදනය වෛද්‍යවරු ප්‍රත්ක්ෂේප කරති


(රංජන් කස්තුරි)

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ  සංගමය ජනාධිපතිවරයා  සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපති ලේකම්  විසින්  නිකුත්  කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ  සංගමය සඳහන් කරයි.
එම නිවේදනයේ  පවතින බහුතරයක් කරුණු සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය විරෝධය දක්වන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනයේ  සඳහන් වනුයේ  බැලු බැල්මට  සයිටම්  ආයතනය නීත්‍යානුකුල කිරිමේ  ක්‍රමවේදයක් දැයි  ද ඔහු කීවේය.