ජනපති ලබන 21 නිව්යෝක් යයි


(අජන්ත කුමාර අගලකඩ)

ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වන අතර, ඔහු දිවයිනෙන් බැහැරව ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වේ .

ජනාධිපතිවරයා ගේ මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද සහභාගි වෙති .