පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරක සම්මානයෙන් පුද ලද මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග විදේශ ඇමැති මහාචාර්ය ජී ඇල් පිරීස්,පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිස අඟහරුවාදා බෙත්ලෙහෙම් නගරයේ සංචාරය කළහ.
නේටිවිටි දේවස්ථානය අසල පිහිටි නිහතමානීත්වයේ දොරටුවෙන් රිංගා යාමටද ජනපතිට සිදු විය.එහි උස අඩි හතරකි.ජේසු තුමන් උප්පත්තිය ලැබුවේ මේ ප්‍රදේශයේ යැයි විශ්වාස කෙරේ.
ඉපැරැණි නේටිවිටි දේවස්ථානයේදී ජනපතිතුමන් රිදී තාරකාවද දැක බලා ගත්තේය.

