(ඉන්දිකා රාමනායක)
කොළඹ 7 කැප්පෙටිපොළ මාවතේ පිහිටි ජනාධිපතිවරයා නිළ නිවස ආසන්න පිහිටි විදුලි ට‍්‍රාන්ස්ෆෝමරයක් අද (7) දහවල් 12.15 ට පමණ පුපුරා ගිනිගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.
සිද්ධිය දැනුම් දීමත් සමඟ කොළඹ ගිනි නිවන හමුදා මුලස්ථානයේ ගිනි නිවන රථ දෙකක් ගිනි භටයින් 10 දෙනකු එම ස්ථානයට ගොස් ගින්න නිවා දමා තිබුණි.

