ජනපති නිල මෙහෙවරේ සාමාජිකයෙක් යාපනයේදී මියයයි


රොමේෂ් මධුෂංඛ
 
යාපනයේ පෞද්ගලික හෝටලයක නැවතී සිටි ජනපති නිල මෙහෙවරේ සාමාජිකයකු හදිසියේම මිය ගොස් ඇති බව යාපනය පොලීසිය කියයි.


පෞද්ගලික හෝටලයේ දෙවැනි තට්ටුවේ 11 වැනි කාමරයේ මිය ගොස් සිටියදී අද (26) උදෑසන මළ සිරුර හමුවී ඇති අතර  එම පුද්ගලයා රාජකාරි කටයුතු නිමවී නින්දට ගොස් ඇති අතර අද උදෑසන කාමරය පරික්ෂා කිරීමේදී එම පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව යාපනය පොලීසිය දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ  පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා  මිය ගොස් ඇති බවට අනාවරණය වී ඇත.


59 හැවිරිදි කෝරලේ ආරච්චිගේ ජයන්ත ධර්මසිරි නැමති ඕපාත ප්‍රදේශයේ පදිංචි අයෙකි. 


මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යාපනය මහරෝහලේ තැන්පත් කර ඇත.