ජනපති නියෝගය නොතකති
සබරගමු පළාත් සභාවේ ඇමැතිවරුන් දෙදෙනකු නිලවාහන පහක් බාර දී නැතැයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කෙමසාරිස් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා කියයි. එවැනි වාහන බාර දෙන ලෙස ජනපති නියෝග කෙළේ බදාදාය. හිටපු සෞඛ්‍ය ඇමැති භානු මුණිප්‍රිය හිටපු වාහනයක් ද හිටපු පළාත් ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ වාහන හතරක් ද බාර දී නැතැයි ඔහු කීවේය. රත්නපුර මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පැවැසුවේ මේ වාහාන මැතිවරණ සඳහා භාවිතා කරන බවට පමණක් නොව නීති විරෝධී අන්දමින් රාජ්‍ය දේපළක් ළඟ තබා ගැනීමේ චෝදාන යටතේ ක්‍රියා කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බවයි.

