මහින්ද නිශ්ශංක
දුම්රිය වෘත්තිය සමිති ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ අතර අද (23) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව අසාර්ථක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.
ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු කිරිම සඳහා තවත් මාස දෙකක් කල් ඉල්ලීම පිළිබඳ සමිති නියෝජිතයෝ සෑහීමකට පත් නොවී කළකිරිමෙන් යුතුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි බව දුම්රිය අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.
මේ අතර ජනාධිපතිවරයාගේ පොරොන්දුව ඉටුකිරිමට තවත් මාස දෙකක කාලයක් ගැනීම ගැන කළකිරිමට පත් වෘත්තිය සමිති නියෝජිතයෝ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සඳහා අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.