ජනපති කොමිසමට එරෙහිව අනුරගෙන්-ශානිගෙන් රිට් පෙත්සම් දෙකක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කළ පැමිණිල්ලට අනුව දේශපාලන පලිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ තමන්ට එරෙහිව සිදු කරන විමර්ශන අත්හිටුවන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානයක සහ රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර  යන මහත්වරු අද (13) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් දෙකක් ගොනු කළහ.

 

නීතීඥ සුනිල් වටගල සහ නීතීඥ මංජුල බාලසූරිය යන මහත්වරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු  උපාලි අබේරත්න , සහ එහි සාමාජිකයන් දෙදෙනා , ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති නම් කරනු ලැබ සිටිති.