ජනපති කටාර් අගමැති හමුවේ


කටාර් රාජ්‍යයේ නිල  සංචාරයක යෙදෙන මහින්ද රාජපක්‍ෂ ජනපති එරට අගා‍්‍රමාත්‍ය හා විදේශ ඇමැති හමාඞ් බින් ජාසිම්  බින් ජබාර් අල්තානි හමුවිය. ජනපති කටාරයේ  කී‍්‍රඩා ඇකඩමිය හා කටුගෙයද නැරඹීය. ඒ.එච්.එම්. ෆවුසි , මහාචාර්ය ජී.එල්. පීරිස්, රිෂාඞ් බද්යුදීන් , රවුප් හකීම්, පයිසර් මුස්තපා, ඒ.එච්.එම්.අස්වර් යන  ඇමැතිවරුද ජනපති ලේකම් ලලිත් වීරතුංග හා කටාරයේ  ශ්‍රීලංකා තානාපති  ජයන්ත පලිපාන  මහත්වරුද  ජනපති සමග වූහ.