ජනපති ඉහළ කොත්මලේ විවෘත කරයි


මහවැලියේ අවසන් විදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ විදුලි බලාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කෙළේය. මෙගාවෝට් 150ක විදුලි  ධාරිතාවක් ඒ සමග ජාතික විදුලි බල පද්ධතියට එක්වෙයි. සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රයෙන් ඉදි කළ මේ  බාලාගාරයට රුපියල් කෝටි 4500ක් වැය විය. ජපාන සහයෝගීතා බැංකාව සහ ශ්‍රී ලංකා බැංකුව ඒ මුදල් යෙදවීය. විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක ද රජයේ මැති ඇමැතිවරු ද මෙම අවස්ථාවට එක් වූහ.