ජනපති ඉරාන නොබැඳි සමුළුවට


සොළොස්වැනි නොබැඳි රාජ්‍ය නායක සමුළුවට සහභාගිවිම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති බ‍්‍රහස්පතින්දා ඉරානයේ ටෙහෙරාන් අගනුවර බලා පිටත්වීමට නියමිතය. විදේශ ඇමතිද ව්‍යාපාරිකයන්ද, මාධ්‍ය නියෝජිතයන්ද ඇතුළු පනස් දෙනකු එහි යෑමට නියමිතව සිටියි. ඉරානයේ කොළඹ තානාපති කාර්යාලයේ දෙවැනි නිලධරයා කියුමාස් කසේමි පැවැසුවේ දෙරට රාජ්‍ය නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බවයි. ලබන 30-31 වැනිදා පැවැත්වෙන මේ සමුළුවට රටවල් 120 ක් සාමාජිකයෝ සිටිති.