ජනපති ආර්යාවට හරස් කැපූ මිනිහාට මානසික ලෙඩක්


උදේ ව්‍යායාම කිරීමට ගාලු මුවදොර පිටියට ආ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ගමන් මග හරස් කළැයි කියන කසුන් උදාර සම්පත් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න  මහතා නියෝග කෙළේය. මානසික අසනීපයකට ඔහු කලක සිට බෙහෙත් ගන්නා බව ඔහුගේ නීතිඥයා උසාවිය දැන්වීය. ඔහුගේ මව ඇප කාරිය වශයෙන් නම් කළ මහේස්ත්‍රාත් ඔහු මානසික වෛද්‍ය සායනයට ඉදිරිපත් කැර උසාවියට විස්තර දන්වන ලෙස ද නියෝග කෙළේය.