ජනපති ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් කැඳවයි


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අද(7) පස්වරුවේ කැඳවනු ලැබ ඇතැයි රජයේ ආරංචි පවසයි.

අද සවස 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේ අරමුණ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම බවත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් සිකුරාදා (9) පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බැවින් ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ගැනීමට මෙහිදී නියමිත බව කියැවේ.