(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.
සාමාන්‍යයෙන් මෙම සැසිය විවෘත කරන විට අශ්වාරෝහකයන් සමඟ පිවිසෙන ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරය පුද කිරිම සිදුවේ.
ඒ අනුව හමුදා උත්තමාචාරය සඳහා පුහුණූ කිරිම් පැවති අතර ජනාධිපතිවරයාගේ නියමයෙන් ඒ සියල්ල අවලංගු කර ඇති බව වාර්තාවේ.
මීට අමතරව ජනාධිපතිවරයා අශ්වාරෝහකයන් සමඟ පැවරිම ද අත්හිටුවා ඇත. මෙවර සැසිවාරය ඉතා සරල අන්දමින් සිදුවේ.

