ජනපති අණින් පරීක්ෂණයක්


ජාතික ඉතිරිකිරීමේ බැංකුව ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම ගැන පරීක්ෂණයක් පවත්වා වැරදි කරුවනට දඩුවම් දෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති විනිමය හා සුරැකුම් කොමිසමට දන්වා ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති සරත් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. රුපියල් කෝටි 39 වන මෙම ගනුදෙනුව ජනපති අණින් නතර කැරිණි.