(තිළිණි ද සිල්වා)
දෙදින නිල සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
චීනයේ නිල සංචාරයක නිරත වන්නැයි චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා කළ නිල ආරාධනයක් පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ෂී ජින් පින්ග් මහතා ඇතුළු චීන සමූහාණ්ඩුවේ බලධාරීන් හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු යාමට නියමිත දෙවැනි විදෙස් නිල සංචාරය මෙය වේ.
මීට පෙර ජනාධිපතිවරයා ඉකුත් නොවැම්බර් 28 වැනිදා සිට 30 වැනිදා තෙක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනයකට අනුව ඉන්දියවේ නිල සංචාරයක නිරත විය.

