ජනපති - පාප් වහන්සේ ලංකා ප්‍රශ්න ගැන කතා කරයි
ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු විනාශකාරී යුද්ධයෙන් පසු ජාතීන් අතර සමගිය ඇති කිරීමටත් ආර්ථික හා සමාජ සංවර්ධනයටත් ගත් පියවර ගැන මහින්ද රාජපක්ෂ ජනපති පාප්තුමා සමග සාකච්ඡා කළ බව වතිකාන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවේ ගැටළුව සම්බන්ධ සියලු පර්ශවයන්හි නීත්‍යානුකූල බලාපොරොත්තු මල්පල ගැන්වීම සඳහා කඩිනමින් පුළුල් හා හවුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇතැයි පාප්තුමා බලාපොරොත්තුව පළ කෙළේය. ශ්‍රී ලංකාවේ ජන ජිවිතය නංවාලීම සඳහා ආගමික අධ්‍යාපන, සෞඛ්‍ය, සුබසාධනයට කැපී පෙනෙන දායකත්වයක් සලසන බව පාප්තුමා එහිදී කියා ඇත.

