(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව මහ බැංකුවත් දේශපාලනය කරන තැනක් බවට පත් කර ගැනීම නිසා මහ බැංකුව තිබූ ගැන තිබූ ලෝකයේ විශ්වාසය මෙන්ම රටේ විශ්වාසයත් පලුදු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඉතිහාසයේ පළමුවරට මහ බැංකු අධිපති ධුරය සඳහා දේශපාලනඥයකු පත්කර තිබෙන බව කී එජාප මහලේකම්වරයා මහ බැංකුව ස්වාධීන ආයතනයක් යැයි ඉතිහාසයේ සිට තිබූ මතයට වත්මන් ආණ්ඩුව කළු පැල්ලමක් එක් කළ බවද සඳහන් කළේය.
ජනතාවට කඳුළු සාගරයක ගිල්වා පටි තද කරගන්නැයි කියමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විදෙස් සංචාරවල යෙදෙමින් රස මසවුළු කමින් බොමින් ප්‍රීති සාගරයේ ගිලී සිටින බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

