(ප්‍රසන්න පත්මසිරි)
පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා, මඩොල්සිම බස් අනතුරේදි මිය ගිය අටදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වෙන පස්සර දිසා රෝහල් පරිශ්‍රයට පැමිණීමත් සමඟ අද (07) එහි සිටි ජනතාව අතර නොසන්සුන්තාවයක් හට ගත්තේය.
‘කබල් බස්‘ ධාවනය කරන නිසා මෙවැනි අනතුරු සිදු වන බවත් අලුතින් බස් ධාවනයට එක් කරන බවත් එහි සිටි ජනතාව අමතමින් මන්ත්‍රීවරයා පැවසීමත් සමඟ කෝප වූ ජනතාව මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් පිටව යන ලෙස කියමින් කෑ කෝ ගසන්නට පටන් ගත්හ.
බලයේ සිටින කාලයේ කිසිවක් නොකර ජනතාව ශෝකයෙන් සිටින අවස්ථාවක පැමිණ ජනතාවගේ සුව දුක් විමසනවා වෙනුවට දේශපාලනය කරනවා යැයි කියමින් කෑ ගැසූ ජනතාව ප්‍රකෝපකාරීව හැසිරෙමින් මන්ත්‍රීවරයාට මෙසේ විරෝධතා එල්ල කළහ.
පොලීසිය මැදිහත්වී තත්ත්වය පාලනය කිරීමට සමත් වූ අතර මන්ත්‍රීවරයා රෝහල් භූමියෙන් පිටත් කර හැරීමටද පොලීසියට කටයුතු කළේය.





