ජගත් ලේකම් ලංකා සහාය පතයි


පසුගියදා නිමාව දුටු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ශී‍්‍ර ලංකාවට එරෙහි ගෙන ආ යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධ සම්මත කළ යෝජනාව අනුව  අන්තර්ජාතික පරීක්ෂණයට සිදු කළ යෝජනාව අනුව  සහයෝගය දෙන්නැයි  සදහන් ප‍්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ ලේකම් බැන් කී මූන් මහතා නිකුත් කර ඇත.

ඔහු එම ප‍්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇමති මහින්ද සමරසිංහ මහතා මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයකට සහය පළ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් ශී‍්‍රලංකාවට නොමැති යැයි කර ඇති අදහස් දැක්වීමකට පිළිතුරු ලෙසය.

පැවැත්වීමට යන අන්තර්ජාතික පරීක්ෂණයේදී පරීක්ෂණ කටයුතු වලට උද්යෝගීවත්,විධිමත් ලෙසත් ශී‍්‍රලංකාව හවුල් වනු ඇතැයි තමන් සිතන බව බැන් කී මූන් මහතාගේ ප‍්‍රකාශයේ සදහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිනි නව නීදන් පිල්ලේ මහත්මියගේ කි‍්‍රයාකලාපය ගැන ඔහු තම ප‍්‍රසාදයද පළ කර තිබේ.ඔහුට අනුව නව නීදන් පිල්ලේ මහත්මිය යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සාමය හා සංහිදයාව ඇති කිරීමට කැපවී කටයුතු කරන්නියකි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වු  යෝජනාව අරබයා ජිනීවාහි පැවතුණු මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතයින්ගේ හමුවේදී පසුගිය 28 වැනිදා පැවැත්වුණු ඡන්ද විමසීමේදී 23 ට 12 ක් ලෙස වැඩි ඡන්දයෙන් එම යෝජනාව සම්මත විණි.

යෝජනාවේ අන්තර්ගත කරුණු අනුව ශී‍්‍රලංකාවට යුධ සමයේ සිදුවී ඇතැයි චෝදනා නැගී ඇති යුධ අපරාධ සම්බන්ධයෙනුත් මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධයෙනුත් සිදුකෙරෙන අන්තර්ජාතික පරීක්ෂණයකට ඉඩ දීමට සිදුව තිබේ.

තවද ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ නිරායුධ විරෝධතා කරුවන්ට පහරදී ඇතැයි චෝදනා නැගී ඇති 2013 වසරේ වැලිවේරියේදී ඇතිවූ වාතාවරණය හා ඒ හා සමාන වෙනත් සිදුවීම් වල පරීක්ෂණ වාර්තා ප‍්‍රසිද්ධ කිරීමටද ශී‍්‍ර ලංකා රජයට ඉදිරියේදී සිදුවනු ඇත.