ජගත් ලේකම් බුරුලක් පෙන්නයි


මෙරට පශ්චාත් යුද සංහිඳියා ක්‍රියාවලිය සඳහා සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැමවිටම සැදී පැහැදී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා ප්‍රකාශ කළ බව මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරින් පවසයි.

වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම ශ්‍රී ලංකාවේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය සඳහා පදනම වනු ඇති බව මහ ලේකම්වාරයාගේ අදහස යැයි ද ඔහු කියා සිටියේය.

ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යාන්ත්‍රණයක් සැකසිය යුතු බවත්, එසේ යාන්ත්‍රණයක් සකසා නොමැති නම් වගවීමේ ක්‍රියාවලිය සඳහා දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමට නව රජය ගන්නා පියවර ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අවධානයෙන් සිටින බවත් ප්‍රකාශක පවසා ඇත.