ජගත් මහ සභාව අමතන්න ජනපති ඇමෙරිකාවට


(ටී.කේ .ජී.කපිල )

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සභා වාරය ඇමතීම සදහා අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගියේය .

ජනපතිවරයා සමග 17 දෙනකුගෙන් යුත් දූත පිරිසක් එක් වී සිටියහ.ජනපතිවරයා ඇතුළු දූත පිරිස ලබන 23 වැනි දා ආපසු පැමිණීමට නියමිතය .