ජගත් ඩයස්ට ඉතාලි යන්න බැරිවේ


ඉතාලියේ මිලානෝ නගරයේ අභීත රණවිරුට පුදමු ප්‍රණාම නමින් රණවිරු  උපහාර උළෙලක් පැවත්විය.

මේ සඳහා හිටපු වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සහභාගීවන බව ප්‍රචාරයකර තිබුනත් ඔහු ඊට සහභාගී නොවීය.

මේ ගැන විමසුවිට සංවිධායක වරයකු  කියා සිටියේ කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ මහතාට ඉතාලියට ඇතුළු විමට වීසා නොදුන් බවයි,රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතාත් මේ සඳහා උත්සහකළත් එය ව්‍යර්තවී ගිය බවයි.

 නමුත් ශ්‍රීලංකා රෝම තානාපතිවරයාගෙන් මේ බව විමසූවිට කියා සිටියේ ජගත් ඩයස් මහතාට වීසා ලබාගැනීමට කාලවේලාව මදිවූ බවයි පසුව හෝ වීසා ලබාගෙන ඉතාලියට පැමිණ මෙහි සිටින ශ්‍රී ලාංකිකයන් හමුවන ලෙස තමන් මේජර් ජනරාල් ඩයස් මහතාට පැවසූ බවත් ඔහු කියා සිටියේය.

 මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රීහු දෙදෙනෙක් ,පළාත්සභා ඇමතිවරයෙක් සහ රෝමයේ තානාපතිවරයාද මෙයට සහභගීවිය.