( තිළිණි ද සිල්වා )
කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස් වලට ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථාව පවතින්නේ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (22) පැවසීය .
පසුගිය අවස්ථාවන්ට වඩා මෙවර දැඩි සුපරීක්ෂණයක් යටතේ එම කටයුතු අධීක්ෂණය කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරියත් සමග අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම ජංගම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ග්‍රාම නිලධාරීවරයාට හෝ පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දීමේ හැකියාව ඇති බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටීයේය.

