ජංගම දුරකතනයෙන් මළ කොටියාට පණ පිඹින්න හදලා
කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ජේ සිරකුටියේ රඳවා සිටින කොටි රැඳවියන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන විසි එකක් සහ සිම් කාඞ් 14ක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨය හා විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කෝසල සේනාධීර මහතා අද (10) නියෝග කළේය.
සංවිධානය යළි ගොඩනැගීම සඳහා එම ජංගම දුරකථන උපයෝගී කරගෙන දේශීය හා විදේශීය කොටි සාමාජිකයන් සමග එම රැඳවියන් සම්බන්ධතා පවත්වන බවට බන්ධනාගාර අධිකාරී ෂමිල් රන්ජන් ළමාහේවා මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුවිය.

