ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන සොයයි


(අජිත්ලාල් ශාන්තඋදය) 

මෙවර ගංවතුර සහ නාය යාම් වෙද්දී කලවාන සහ අයගම ප‍්‍රදේශවල ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන වහාම සොයා බැලිය යුතු බව සබරගමු පළාත් සභා මන්ත‍්‍රී නිලන්ත ජයකොඩි මහතා පළාත් සභාවට දැනුම් දුන්නේ ය. අද (30) පැවති මාසික රැස්වීමේ දී ඔහු මේ බව දැනුම් දුන්නේය.

ජංගම දුරකතන සන්නිවේදන කුළුණු ඉදිකිරීමට අවසර දීමේ දී අනුගමනය කළයුතු කොන්දේසි කඩ කිරිම නිසා මේ තත්ත්වය ඇතිවන්නට ඇතැයි ද මන්ත‍්‍රීවරයා පැවසුවේ ය. 

මේ නිසා කලවාන සහ අයගම ප‍්‍රදේශ ජලයෙන් යටවී පස්කඳු කඩා වැටී විදුලිය ඇණහිට හුදකලා වු අවස්ථාවේ ජංගම දුරකතන සංඥා ද  ඇණහිටීමෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වීමෙන් විශාල අපහසුතාවන්ට ලක්වූ බව කීවේ ය.
මෙම සන්නිවේදන කුළුනු තැනීමට අවසර දීමේ දී විදුලිය ඇණහිටිය ද, ඊට අවශ්‍ය විදුලි ජනක යන්ත‍්‍ර භාවිතා කර සන්නිවේදන පහසුකම් ලබාදීමට එකඟත්වයන්ට පැමිණ ඇති නමුත් කලවාන සහ අයගම ප‍්‍රදේශවලදී එම එකඟතාව කඩවී ඇති බව ඒ මහතා කීවේ ය.