ඡන්දය දෙන්නැයි ඉල්ලා මුදල් බෙදලා


 

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍යවරයකුට ඡන්දය ලබා දෙන ලෙස  ඉල්ලා මෝටර් රථයකින් පැමිණ මුදල් බෙදූ පුද්ගලයන්  දෙදෙනෙකු  බේරුවල මුල්ලියමලේ හංදිය  ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.

ඔවුන්  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 38,000 ක මුදලක්  තිබූ බව ද පොලීසිය කියයි.

 පොලිසිය පැමිණීමත් සමගම එම ස්ථානයේ සිටි හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පලාගොස් ඇතැයි පොලිසිය  සඳහන් කරයි.