ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ


(නිමල කොඩිතුවක්කු)

පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා පැවසීය.

පළාත් පාළන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය දැන්වත් නිශ්චිත කාල රාමුවක් තුළ පැවැත්විය යුතු බවත් එම දින වකවානු රජය ජනතාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

බිමල් රත්නායක මහතා මේ බව සදහන් කළේ පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ  ප‍්‍රධාන කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.