ඡන්දය දවසෙත් බඩු බෙදලා


නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අද දිනයේ මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එම කාර්යාලය පවසන්නේ ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම ඡන්ද මධ්‍යස්ථානඅසළ නීති විරෝධී ලෙස රැඳී සිටීම සහ නීති විරෝධී ලෙස ප්‍රචාරක කටයුතු කිරීම මෙන්ම ඡන්ද පැවැත්වෙන මොහොතේදීත් විවිධ භාණ්ඩ බෙදාදීම සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවයි. සන්ධාන අපේක්ෂකයන් වෙනුවෙන් මෙම භාණ්ඩ බෙදතියි විපක්ෂය චෝදනා කරයි. ඡන්ද මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වූ 11 ක් ලැබී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.