
(මොහොමඩ් ආසික්)
මැතිවරණය කල් දාන බවට කරන ප්‍රකාශ ජනතාව නොමඟ යැවීම සඳහා රජය මගින් කරන දෙයක් යැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය අකුරණ නගරයේදී සංවිධානය කළ ප්‍රචාරක රැළියක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
දැන් හුඟක් අය කතා කරමින් යනවා මේ මැතිවරණය අවිනිශ්චිතයි කියලා. මේක ජනතාව නොමඟ යැවීම සඳහා රජය ගන්නා උප්පරවැට්ටියක්. ජනතාව තුළ ඡන්දය ගැන සැකයක් ඇති වුණොත් මිනිස්සු අහයි මොකටද කැන්වසින් යන්නේ මොනවදටද කාර්යාල මොනවදටද රැස්වීම් කියලා. මන්දගාමි ස්වරූපයක් ඇති කරන්නයි මේ රජය උත්සාහ කරන්නේ හේතුව අලි පොහොට්ටු කපුටු නියෝජිතයින්ට මහපාරේ බැහැල යන්න බෑ පසුගිය දිනවල අපේක්ෂකයන් ටික කාමරයක් ඇතුලට දාගෙන රැස්වීම් තියෙනවා. මරු රැස්වීම්. රට බංකොලොත් කරපු හොරු රැළකට මින් ඉදිරියට ජනතාව හොඳ පිළිතුරක් දෙන්න බලා ගෙන ඉන්නවා. සියලු කොට්ඨාසවල කාර්යාල දාන්න සියලු අපේක්ෂකයන්න ගෙයින් ගෙට යන්න . 69 ලක්ෂය එකතු කර ගන්න . අනිවාර්යෙන්ම මැතිවරණය පවත්වනවා. මේ ආණ්ඩුව කුමන්ත්‍රණය කරලා මැතිවරණය කල් දාන්න කටයුතු කළොත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්ක මහ පාරට බැහැල අපි අපේ මැතිවරණය දිනා ගන්නවා මට ලොකු විශ්වාසයක් තියෙනවා නියත වශයෙන්ම මැතිවරණය පැවැත්වෙනවා. .


