ඡන්දය ඇරඹේ


බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයන්  155 දෙනෙකු තෝරා ගැනීම සඳහා මධ්‍යස්ථාන 4252 ක දී අද උදේ හතට ඡන්ද විමසීම ඇරඹිණි.

අද අලුයමද ඇතැම් ස්ථාන වල ඡන්ද ගැටුම් සිදු විය. මාතරදී පෙරදින සන්දාන අපේක්ෂකයෙකු විසින්  මැතිවරණ සහකාර කොමසාරිස්වරයෙකුට තර්ජනය කල බව වාර්ථා විය.

ඡන්ද විමසීම අද සවස හතරට අවසන් වෙයි.

ඡන්ද ප්‍රථිඵල ලැබෙන හැටියට ලංකාදීප වෙබ් අඩවියෙන් ප්‍රචාරය කෙරේ.