ඡන්ද පෙට්ටි ගෙනයන්න දරුවකු යොදාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්


පුලතිසිපුර විද්‍යාපීඨ මධ්‍යස්ථානයෙන් අනෙකුත් මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම සඳහා දරුවකු යොදා ගැනීම සම්බන්ධයෙන් ලංකාදීප එසැණ පුවත් කරන ලද අනාවරණයකට පසු විමර්ශනයක් ආරම්භ කළ බව  පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ඡන්ද පෙට්ටි නිකුත් කරන අවස්ථාවේ පැවති කඩිනම් තත්ත්වය හේතුවෙන් කාර්යමණ්ඩලයට එය නිරීක්‍ෂණය නොවු බවත් පසුව අදාළ දරුවා එම ඡන්ද මධ්‍යස්ථානයෙන් ඉවත් කර වෙනත් පුද්ගලයකු යෙදවීමට කටයුතු කළ බවත් එම කාර්යාලය සඳහන් කරයි.

අදාළ පුවත කියවන්න ‘‘ඡන්ද පෙට්ටි ගෙනයාමට දරුවන් යොදාගනී‘‘