ඡන්ද නීතී කැඩු 60ක් කූඩුවේ


මෙවර ජනාධිපතිවරණ නීතී කඩ කිරීම් ගැන ලැබුණු  පැමිණිලි  සම්බන්ධයෙන් හැට දෙදෙනකු අත් අඩංගුවට ගත් බවත් ඒ අතර ප්‍රාදේශිය සභාපතිවරුන් පස් දෙනකු හා ප්‍රාදේශිය සභා නියෝජිතයින් 12 දෙනකු සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

 තරාතිරම නොබලා  ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවද ඔහු පවසයි.