ඡන්ද නීති කැඩූ 47ක් කූඩුවේ
පළාත් සභා මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ නීති උල්ලංඝනය කළැයි 47 දෙනකු අද (30) වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
පොලිසිය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 57කි. වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුවෙනි. පැමිණිලි සංඛ්‍යාව 17කි.

