ඡන්ද උනන්දුව හොඳටම බැහැලා


පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මිට්ටමක පවතින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. පෙර මැතිවරණ හා සැසඳීමේ දී ඡන්දය දීමට පැමිණෙන අයගේ ප්‍රමාණය ඉතාම අඩු බව පොළොන්නරුව, අම්පාර, අනුරාධපුර, මඩකළපුව, රත්නපුර, ත්‍රිකුණමලය හා කෑගල්ල අප වාර්තාකරුවෝ කියති. අද පෙරවුරු10.30 පමණ වන විටඅනුරාධපුරයේ සියයට 20 -25ත් අතර ප්‍රමාණයක් ද පොළොන්නරුවේ සියයට 8.9 පමණ ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිලධරයෝ කියති. කිසිදු කලබලකාරී ක්‍රියාවක් වාර්තා වී නොමැත. අපේක්ෂකයෝ 108 දෙනකු තෝරාගැනීම සඳහා අපේක්ෂකයෝ 3073 දෙනෙක් තරග කරති. නැගෙනහිර, සබරගමුව හා උතුරුමැද පළාත් හි මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ තිස් තුනකි. කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයිය ඡන්ද මධ්‍යස්ථානය ත්‍රිකුණමලය නගර ශාලා ඡන්ද මධ්‍යස්ථානය ත්‍රිකුණාමලය රංවල මහානාම විදුහල කදුරුවෙළ නගර මහා විදුහලේ ඡන්ද මධ්‍යස්ථානය මඩකළපුව නගර මහා විදුහල මඩකළපුව ගුරුවිදුහල් ඡන්ද මධ්‍යස්ථානය       විස්තර හා ඡායාරූප (ජවුෆර් ඛාන්, අම්පාර වාර්තාකරු, ක.ග. කරුණාරත්න, අජිත්ලාල් ශාන්තඋදය, අතුල බණ්ඩාර, අමදෝරු අමරජිව  රොහාන් කුමාර, රෝහණ චන්ද්‍රදාස  )