(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ තිබිය යුතු ද නැද් ද, බදු අසාධාරණ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවට අදහසක් ප්‍රකාශ කළ නොහැකි යැයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඡන්දය සම්බන්ධයෙන් හා බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ වෙනත් පාර්ශවයකට බවද ඒ පිළිබඳව මහ බැංකුවට වගකීමක් නැතැයි ද මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පැවැසීය.

