චෙන්නායි පිල අවසන් මහා තරගයට


මුරලි විජේගේ විශිෂ්ට ඉනිම නිසා චෙන්නායිහි (25) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසන් සුදුසුකම් ලැබීමේ තරගයෙදී චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 86 කින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. චෙන්නායි  සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර අවසන් මහා තරගය හෙට (27) චෙන්නායි හිදි පැවැත් වේ. පන්දු 58 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 113 රැස් කිරිමට මුරලි විජේ සමත් වු අතර ඔහු තරගයේ වීරයා සම්මානයද දීනා ගත්තේය. මෙම තරගයේදී දිල්ලි පිලේ ප‍්‍රධාන පන්දු යවන්නා වු මොන් මෝකල් ක‍්‍රීඩා නොකළ අතර ඔහු මෙවර අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියාද විය. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 55 ක් ලබා ගැනිමට සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 222 (මුරලි විජේ 113, මයිකල් හසී 20, මහේන්ද්‍ර සිං දෝනි 23, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවි 33) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්  ඕවර 16.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 136 (මහේල ජයවර්ධන 55, රවිචන්ද්‍ර අශ්වින් 24/4, ඇල්බි මෝකල් 28/1)   පරාජිත දිල්ලි කණ්ඩායම