චීනෙක් ලක්ෂ තුනක මැණිකකුත් පිල්ලි ගහලා


කොළඹ බණ්ඩාරනායක සමරුහලේ මැණික් හා රන් ආභරණ ප‍්‍රදර්ශනයේදී රුපියල් දහ අට ලක්ෂයක දියමන්තියත් සොරකම් කළ චීනුන් දෙදෙනා ඊට කලින් දිනක කොළඹ ලිබර්ටි ප්ලාසාහි රන් ආභරණ සාප්පුවකින් රුපියල් තුන් ලක්ෂයක මැණිකක් සොරකම් කරන්නට ඇතැයි එහි හිමිකරු පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට මේ බව වාර්තා කෙළේය. සමීප රූප අඩංගු වීඩියෝ පට ඇතුළු සාක්කි ඉදිරිපත් කරන්නැයි මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.