චීන්නු 37 ක් චීන වරාය පොලිසියට


ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි බව කියන චීන ජාතිකයෝ 37 දෙනෙක්ද කල්මුණේ පදිංචිකරුවෝ දෙදෙනෙක්ද ඔවුන් සිටි යාත‍්‍රා දෙකක්ද සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන චීන වරාය පොලිසියට භාරදෙනු ලැබූහ. මොවුන් මසුන් ඇල්ලීමට පැමිණි අයද එසේ නැත්නම්  ඕස්ටේ‍්‍රලියා යන ගමන් වැරදීමකින් ලංකාව දෙසට ආ අයදැයි සොයා බලන බව පොලිසිය කියයි.