චීනයේ නව කොරෝනා වයිරසය ආරම්භ වුණු හුබෙයි පළාතට යාබද හුනාන් පළාතෙන් ‘එච්5එන්1’ කුරුලු උණ වෛරසයද පැතිර යමින් පවතින බව චීන සෞඛ්‍ය බලධාරීහු අද (02) අනතුරු ඇඟවූහ.
කුකුළන් 7,850ක් සිටි ගොවිපොළකින් ‘එච්5එන්1’ කුරුලු උණ වයිරසය පැතිර ගොස් තිබෙන අතර එහි සිටි කුකුළන් 4,500ක් මියගොස් ඇතැයි ද වාර්තා වේ.
‘එච්5එන්1’ හේතුවෙන් කුකුළන් 4,500 කට වැඩි සංඛ්‍යාවක් මරා දැමූ බව හුනාන් පළාතේ සෞඛ්‍ය බලධාරීහු ද පැවැසූහ.
කුකුළන් සහ වෙනත් ගොවිපොළ පක්ෂීන් ගණන 17,800 ක් මේ වනවිට මරා දමා ඇතැයි ද වාර්තා විය.
‘එච්5එන්1’ වයිරසය පැතිර ආරම්භ වී ඇත්තේත් එය පැතිර යෑම සිදුවී ඇත්තේත් ෂයෝයැං නගරයෙනි. පසුගිය වසරේ ද මේ අයුරින්ම චීනයේ ලනියොනින් පළාතෙන් කුරුලු උණ වසංගතයක් පැතිර ගියේය. ෂයෝයැං නගරයෙන් ආරම්භ වුණු ‘එච්5එන්1’ වයිරසය තවමත් මනුෂ්‍යයන්ට ආසාදනය වී නැති බවත්, එසේ නොවීමට වගබලා ගන්නා බවත් චීන සෞඛ්‍ය බලධාරීහු කීහ.
රොයිටර්
055

