( තිළිණි ද සිල්වා)
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගතවු දෙදින චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු යළි මෙරටට පැමිණි බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
චීනටේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මැදිහත් වීම මත මෙම පිරිස එරටින් පිටත් කර යැවු බව එම අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙක් පැවසීය.
අද (28) සහ හෙට(29) යන දිනවල දී තවත් සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි.
මේ වනවිට ලාංකික සිසුන් 860 ක් චීනය පුරා උසස් අධ්‍යාපනය කටයුතු වල නිරත වූ අතර එම පිරිසෙන් යටත් පිරිස මෙරටට පැමිණ ඇත .මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පනස් දෙනෙකු පමණ ඊයේ(27) දිනයේ දිවයිනට පැමිණියේය.
චයිනා ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානා දෙකකින් මෙම සිසුන් පිරිස දිවයිනට පැමිණ ඇති අතර අද දිනයේත් තවත් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඊයේ දිනයේ පැමිණි සියලු සිසුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්නේ යැයිද සිදුකළ මුලීක පරීක්ෂණවලින් අනාවරණය වූ බවද විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි.

